අප්පච්චිට එක ගෙඩියයි...//
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හංදියේ
පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ...//
ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන්නම් හුස්මගන්න එපා නංගියේ...
අප්පච්චී තුරු මුදුනේ ඉන්න වංගියේ...


අප්පච්චිට එක ගෙඩියයි...//
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හංදියේ
පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ...//
පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ...
මමත් එහෙම කලා මගේ පුංචි සන්දියේ...
ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි...//
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හංදියේ
පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ...//
පද රචනය - සමන් ප්‍රියදර්ශන
සංගීතය - ආනන්ද ගමගේ
ගායනය - නන්දා මාලනී
LyRiCs95com
No comments:
Post a Comment